Saturday 30th of May 2026

English Tamil
Advertiesment


හරිනි දැන් හරිද..?


2025-02-27 14898

 

මේ පාර (2025) අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කරපු මුදල දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.86% ක්

 

එය 2024 අධ්‍යාපනයට වෙන් කල 1.76% ට සාපේක්ෂව 0.12% ක පමණ වැඩි වීමක්

 

අධ්‍යාපනයට 6% ක් වෙන් කරන්න කියලා පිටේ ගහගෙන එදා විරෝධතා දැක්වුවේ කවුද? 



ශ්‍රී ලංකාවේ වර්ථමාන අගමැති වගේම අධ්‍යාපන ඇමති වෙච්ච හරිනි අමරසුරිය  අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදනයෙන් 6% දෙන්න කියල සරසවි ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය එක්ක පාරට බැහැල ලොකු උද්ගෝෂණ ව්‍යාපාරයක් සිදු කල බව අපිට මතකයි. ඒත් වර්ථමාන ආණ්ඩුවේ අග්‍රමාත්‍යධූරය හා අධ්‍යාපන අමාත්‍යධූරය හෙඹවන හරිනි මේපාර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළේ, 1.86% යි. එය 2024 අධ්‍යාපනයට වෙන් කල 1.76% ට සාපේක්ෂව 0.12% ක පමණ වැඩි වීමක්.

ඒ වගේම එදා අධ්‍යාපනයට 6% වෙන් කරන්න කියලා පෙළපාලි යද්දී, අන්තරේ කැඳවුම්කරු වෙලා හිටපු නජිත් ඉන්දිකත් මේ ආණ්ඩුවේ මන්ත්‍රී, ඒ වගේම 6% ඉල්ලා ගුරු වෘත්තීය සමිති අරන් පාරට ආපු මහින්ද ජයසිංහත් මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමති. මේ තුන්දෙනාම අධ්‍යාපනයට 0.99% ක් වෙන් කරපු අයවැයට පක්ෂව සිකුරාදා (25) ඡන්දෙ දුන්නා.

1965 මැයි 14 වෙනිදා සිට පසුගිය වසරේ සැප්තැම්බර් 21 දක්වාම ශිෂ්‍යයින් පාරට බස්සලා, වෘත්තීය සමිති පාරට බස්සලා කිව්ව දේවල්, හතරමහ නිධානේ පහළ වුනත් කරන්න බැරි දේවල් කියලා දැන්නම් හොඳටම රටට පැහැදිලි වෙලා ඉවරයි.

“ තිත්ත නොවු ඇත්ත මිනිස්සු” කියලා බලය ඉල්ලලා පාර්ලිමේන්තු ආපු 159 දෙනා දැන් ඒක ඔප්පු කරමින් ඉන්නවා. අගමැති සහ අධ්‍යාපන ඇමති වෙච්ච හරිනිගෙන් අහන්න තියෙන්නේ, ඔයාලා එදා කියපු දේ වැරදි ද? අද කියන දේ හරි ද? නැත්නම් අද කියන දේ වැරදි ද? එදා කියපු දේ හරිද? මොකද? ඔයාලා කියපු දේ අහලා මේ රටේ මිනිස්සු අවුරුදු 59ක් බොහෝ කැප කිරීම් කළා, ජීවිත, දේපළ, මිල මුදල්, අධ්‍යාපනය, වෘත්තිය වගේම කාලය විනාස කර ගත්තා. 

එදා අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න කියලා රජයට බල කරමින් හරිනිලා පාරේ කරපු උද්ඝෝෂණ පාලනය කරන්න කැඳවපු පොලීසියට පඩි ගෙව්වෙ සහ බටා ගෙව්වේ මේ රටේ බදු ගෙවන ඔබ. හරිනිලගේ උද්ඝෝෂණ අස්සේ තුවාල ලැබූ අයට, බෙහෙත් දාන්න එයාලව ප්‍රවාහනය කරන්න වැය කළේ මේ රටේ බදු ගෙවන ඔබේ මුදල්. අතිශය ජනාකීර්ණ කොළඹ කොටුවේ උද්ඝෝෂණ නිසා අහිමිවුන මිනිස් පැය ගාණන කොපමන වෙන්න ඇත්ද? දශකයකට පස්සෙවත් කරන්න බැරි දේවල් කියමින් මිනිස්සු උසිගන්වපු හරිනිලා කොළඹ නුවර පාර අවහිර කරගෙන දවස් 6ක් ඇවිද්දෙ ඇයි? හරිනිලා ප්‍රමුඛ ජවිපේ ආණ්ඩුව 76 අවුරුද්දකට බනිද්දී ඒකේ අවුරුදු 59ක් ඇතුළේ තමන් සිද්ද කළේ මොනවද කියලා, තමන්ගේ හෘද සාක්ෂිය එක්ක කතා කරන එකත් දැන් හොඳයි.

අපිටනම් හරිනිගෙන්, මහින්දගෙන් සහ නජිත්ගෙන් අහන්න තියෙන්නේ ඔයාලා මේ අයවැයවලට අත උස්සන්නෙ රෙදි ඇදගෙනද? කියලා විතරයි.

 

(සුජිත් මංගල) 
Advertiesment